Chaminda Kumara's profile

Niruthi Sinhala font

මිතුර නිරුති நிருதி වෙනුවෙන්- ඔහු යාපනය විශ්ව විද්‍යාලයේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අපි මුණගැහෙන්නේ මතක විදියට 2008 රජරට විශ්ව විද්‍යාලයේ පවතී අන්තර විශ්වවිද්‍යාල පාපන්දු තරගයේදී...(අපිට ඔවූන් එක්ක හැරෙන්නවත් බැරිවිය). මෑතක වනතුරුත් ඔහු හොද පාපන්දු ක්‍රීඩකයෙක් ....එදා ඇරබී මිතුදම නැවත හමු උයේ ඔහුගේ විවාහ මංගල්‍ය යෙදිය ..ඔහුගේ ආරාදනාව පරිදි මම නියමිත දිනට සතියකට කලින් ඔහුගේ ගෙදරට ගියේ..පාරේ බස්යේය..ඒ යාපනයේ නෙල්ලිඅඩි...ඔහුට තිබුනේ කුඩා නිවසකි...එහි සිංහල කතා කිරිමට හැකි උයේ ඔහුගේ එක බාල සහෝදරයෙකුට පමනි ...ඔවුන් මහත් ඉහලින් මා පිළිගත්තේය සතියක්ම යාපනයේ ඇවිද්දේ ඔහුගේ යාළුවන් සමගය..එය මාහට අලුත්ම අද්දැකීමක් විය..මනුස්සකමින් පොහොසත් මිනිසුන් දැක්කේය ...
අදහාගත නොහැකිලෙස ගහක් ගලක් වගේ සිටි ඔහු හර්දය අබාදයකින් 2021- 2- 07 අපෙන් සමුගත්තේය ...මට සිංහල යහළුවන් බොහෝ සිටි නමුත් දෙමල යහළුවන් සිටිනුයේ අතේ ඇගිලි ගානටය ...එම නිසාම ඔහුගේ සමුගැනීම මහත් සංවේගයට පත්විය .... ලෝකු අඩුවක් දැනේ....මෙම සිංහල අක්ෂරය ඔහු නමින් නොමිලේ ලබාදෙනුයේ ඒ අඩුව අංශු මත්ත්‍රයක් හෝ පුරවා ගැනීමටය....නිරුති ඉන්න තැනක හොදින් ඉන්න...සිංහල රුවකුර අවශ්‍ය අය ඔබේ E-mail ලිපිනය ලබාදෙන්න ....ඔබේ අදහස් කොටා යන්න අමතක නොකරන්න.....KEKOFONT – Sri Lankan Most Popular Sinhala Font
Niruthi Sinhala font
Published:

Owner

Niruthi Sinhala font

Published: